Appendicitis

ඇපැන්ඩිසයිටිස්

  • උණ්ඩුකපුච්ඡය තිබෙන්නේ කොහේද?

උණ්ඩුකපුච්ඡය යනු මහාඅන්ත්‍රය ආරම්භයේදී ඊට සම්බන්ධ වී ඇති කුඩා නළාකාර අවයවයකි, මෙය උදරයේ දකුණු පස පහල කොටසේ පිහිටා තිබේ.

  • උණ්ඩුකපුච්ඡ ප්‍රදානය හෙවත් ඇපන්ඩිසයිටිස් ඇති වන්නේ කෙසේද?

මෙම අවයවයේ ඇති වසා ගැටිති ඉදිමීමෙන් හෝ යම් බාහිර ඝන ද්‍රව්‍යක් මෙම කුඩා නලයේ සිරවීමේන් එය අවහිර විය හැකිය. එම අවහිරතාවය නිසා එම කුඩා නලය ඉදිමීමට ලක්වේ. මෙම තත්වය උණ්ඩුකපුච්ඡප්‍රදානය හෙවත් ඇපෙන්ඩිසයිටිස් ලෙස හැඳින්වේ. මෙසේ ඉදිමීමට ලක්වී සැරව එකතුවීමද විය හැකිය.

  • ඔබ හමුවිය යුතු විශේෂඥවරයා කවුද ?

මෙම තත්වය විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙකුගේ ඉක්මන් අවධානයට ලක්විය යුතුය.

  • උණ්ඩුකපුච්ඡප්‍රදානය සඳහා නවීන ශල්‍යකර්​ම

ඉදිමුනු හා සැරව පිරුණු උණ්ඩුකපුච්ඡය සැත්කමක් මාර්ගයෙන් ඉවත් කිරීම නවීන තාක්ෂණය භාවිතා කර කුඩා සිදුරුවලින් කල හැකිය. මෙම ක්‍රියාවලිය සිදුරු ශල්‍යකර්ම හෙවත් ලැපරොස්කොපි ලෙස හැඳින්වේ. මෙහිදී වේදනාව අවම වන අතර ඉක්මනින් රෝගියා යථාතත්වයට පත්වීම සිදුවේ.

  • රෝග ලක්ෂ​ණ

මුලින්ම උදරය පුරා ඇතිවන වේදනාවක් සමග වමනය යාම සහ කෑම අරුචිය ඇතිවිය හැකිය. දෙවනුව උදරයේ පහළ දකුණු පැත්තට වේදනාව සංකේද්‍රණය වේ.

ඔබේ රෝග ලක්ෂණ පිළිබඳ වෛද්‍ය උපදෙස් ලබා ගන්​න

දැන්ම අමතන් න (+94) 123456 එසේ නොමැති නම් අපගේ සේවා මධ්‍යස්ථානය වෙත ඔබේ තොරතුරු ලබා දෙන් න