Gynaecology

නාරිවේද සැත්කම්

  • සැත්කම් සඳහා උදරය විවෘත කර ගත් කාලය අවසන් ! සියලුම නාරිවේද සැත්කම් ලැපරස්කොපික් (Laparoscopic) හෙවත් යතුරු සිදුරු සැත්කම් ක්‍රමය යටත් සැත්කම් සිදු කරගත හැක.

 

  • ගර්භාෂය ඉවත්කිරීමේ සැත්කම පවා ඉතා සාර්ථකව මෙම ක්‍රමයට සිදු කල හැකයි.ලැපරස්කොපික් ක්‍රමයේ ඇති වාසි මොනවාද ?

    1. සැත්කම සඳහා යොදන කැපුම සෙන්ටි මීටර් 2ක් පමණි.
    2. වේදනාව ඉතා අඩුයි.
    3. ලේ වහනය ඉතා අඩුයි.
    4. විෂබීජ ඇතුල් වී ආසාදනය ඇතිවීම ද අනෙකුත් සත්කම් වල දීට වඩා අඩු වන්නේ සිරුර යොදන කැපුම් ඉතාම කුඩා වීම නිසා විෂබීජ ඇතුල් වන ස්ථානයද කුඩා වීමයි.
    5. පැරණි ක්‍රමයට මෙවැනි සැත්කම් සිදුකරන විට ගෙදර යාමට දින තුන හතරක් ඇතැම් විට සතියක් පමණ ගත වීමටත් පුළුවන්. එමනිසා කාර්ය බහුල ජීවිතයක් ගත කරන බොහෝදෙනාට සති ගණන් රෝහලේ නැවතී සිටීමට අපහසුව අතර ඉක්මන් සුවයක් ලැබීම සැමගේ ප්‍රාර්ථනයයි.
    6. තවද පැරණි ක්‍රමයේදී යොදන කැපුම විශාල නිසා සහ සිරුරේ පටක විශාල ලෙස කැපීමට සිදුවන නිසා ඇතිවන වේදනාව දීර්ඝ කාලීන

 

  • වේදනාවක් බවට පත්වන අවස්ථා ද දැකිය හැකියි.ලැපරස්කොපික් පරීක්ෂණයෙන් සොයා ගත හැකි රෝගී තත්ත්වයන් මොනවාද ?

    1. එන්ඩොමෙට්‍රියෝසිස් (endometriosis ) තත්ත්වය
    2. ෆයිබ්‍රොයිඩ් (fibroid ) ගෙඩි
    3. ඩිම්බ කෝෂයේ (ovarian cyst ) ගෙඩි
    4. ගර්භාෂයෙන් පිටත පිළිසිඳ ගැනීම් (ectopic pregnancy )
    5. යටිබඩේ ඇතිවන ආසාදන සහ සැරව පිරුණු තත්ත්වයක්
    6. පිළිකාවන් සොයාගැනීමට

 

  • මෙම ක්‍රමයට සිදුකළ හැකි නාරිවේදි සැත්කම් මොනවාද ?

    1. ඩිම්බකෝෂය ඇතිවන ගෙඩි ඉවත් කිරීම
    2. LRT හෙවත් ඩිම්බ නාල කපා ඉවත්කරන උපත් පාලන ක්‍රම සිදුකිරීම
    3. ගර්භාෂය ඉවත් කිරීමේ සැත්කම. විශේෂයෙන්ම ලැපරස්කොපික් සැත්කම් ක්‍රමය නොතිබුණ අවධියේ එම සැත්කම සිදු කරනුයේ ඔබේ උදරයේ විශාල කැපුමක් (30CM) ඇති කිරීමෙන්. එය ඉතා වේදනාකාරී වන අතර තුවාල සුව වීමට දිගු කාලයක් ගතවේ. එහෙත් ලැපරස්කොපික් ක්‍රමයෙන් සෙන්ටි මීටර් දෙකක් (2cm) පමණ කුඩා කැපුමක් මගින් ගර්භාෂය ඉවත් කළ හැකිය.
    4. ෆයිබ්‍රොයිඩ් ගෙඩි ඉවත් කිරීම
    5. එන්ඩොමෙට්‍රියෝසිස් නමැති රෝගී තත්ත්වයේ දී එම අස්වාභාවික පටක ඉවත් කිරීමට
    6. බඩවැල්වල ඇති ඇලීම් ඉවත් කිරීම
    7. දරුවන් නොමැති අයට ඇතිවන පොලිසිස්ටික් ඔවෙරියන් රෝගය ( polycystic ovarian disease) නමැති රෝගී තත්ත්වයේදී ඩිම්බ ඩිම්බ කෝෂයට ප්‍රතිකාර සිදුකර ඩිම්බ මෝචනය ඇති කිරීම.
    8. ගර්භාෂය පහළට ඒම වැලැක්වීමට සිදුකරන සැත්කම්

ඔබේ රෝග ලක්ෂණ පිළිබඳ වෛද්‍ය උපදෙස් ලබා ගන්​න

දැන්ම අමතන් න (+94) 123456 එසේ නොමැති නම් අපගේ සේවා මධ්‍යස්ථානය වෙත ඔබේ තොරතුරු ලබා දෙන් න