Terms and Conditions

1.  අප සේවාව විසින් ඔබ පවසන රෝග ලක්ෂණ වලට අදාළව වාඩාත් සුදුසු යැයි සිතිය හැකි විශේෂක්න වෛද්‍යවරයා වෙත ඔබව යොමු කරනු ලැබේ.
එහෙත් රෝගය පිලිබඩද අවසන් විනිෂ්චය ඔබව පරීක්ෂා කර බලා අවශ්‍ය පරීක්ෂණ වලින් අනතුරුව එම විශේෂක්න වෛද්‍යවරයා විසින් නිර්නය කරනු ලබනු ඇත.
එම රෝග නිර්නය අනුව අදාළ ප්‍රතිකාර එම විශේෂක්න වෛද්‍යවරයාම හෝ වෙනත් විශේෂක්න වෛද්‍යවරයකු විසින් සිදු කිරිම ඉඩ ඇත.

2.  හුදෙක් ඔබ පවසන කරුණු අනුව අනුමාන කරන රෝග තත්වය හා වෛද්‍ය පර්යේෂණ වලින් අනතුරුව නිර්නය කරන රෝග තත්වය වෙනස් විය හැකි.

3.  ඔබ විසින් වෛද්‍ය පර්යේෂණ හා ශෛල්‍යකර්ම වල මිල ගනන් විමසන විට ඔබට දළ අනුමාන වලින් පමනක් තොරතුරු සැපයනු ලැබේ .

ඔබගෙ රෝග තත්වයෙ සංකූලතා නිසා හා වෙළෙඳපළ මිල ගණන් වෙනස් විය හැකි නිසා මෙම අනුමාන මිලගනන් වෙනස්වීමට ඉඩ ඇත.

4.  මෙම සේවාව මගින් ඔබට වෛද්‍ය විද්‍යාත්මක ප්‍රතිකාර පිලිබඩද නිශ්‍චය කරුණු නොපවසනු ලබනු අතර ඒ පිලිබඩද සාමාන්‍ය තොරතුරු පමනක් සපයයි.
සෑම විටම වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණ හා ප්‍රතිකාරයන් හුදෙක් වෛද්‍ය නිර්දේශ මත පමනක් පදනම්ව කල යුතුය.

5.සෑම විටම වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණ හා ප්‍රතිකාර පිලිබඩද වගකීම අදාළ වෛද්‍යවරුන් හා රෝහල් විසින් දරනු ලබයි